මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, එම නෞකාව ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කළ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සහ වරාය සංචාරයක් සඳහා ආරාධනා කර තිබූ අවස්ථාවකදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අසළ මුහුදු සීමාවලදී ප්‍රහාරයකට ලක් වූ බවය.
ඔහු X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වෙන්නේ එම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘෘර ක්‍රියාවක්” ලෙස ය.
එම සිද්ධියෙන් පසු නාවිකයන් බේරාගැනීම සඳහා පැවති මෙහෙයුම්වලට එක්සත් ජනපදය “බාධා කළ” බවටද චෝදනා කර තිබේ.

