2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට මේ බව සඳහන් වෙයි.
2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි.
ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මේ අතර, 2026 වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.48ක් බවද මහ බැංකුව සඳහන් කරයි.
එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 32ක වැඩිවීමක් බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

