ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි මාරු කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇත.
ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත, නිශ්චිත අංශ හැර, ලංකා විදුලිබල මණ්ඩලය ඵලදායී ලෙස ප්‍රතිව්‍යුහගත කරමින් 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වනු ඇත.

