ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් මෙලෙස විස්සයි20 ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇත.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත් 16 වනදා පැවැති අතර එම තරගයේදී මතීෂ පතිරණ මෙලෙස ආබාධයකට ලක්වී තිබුණි.

