මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක හතර වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 09 හැවිරිදි දැරියක් පාසල තුළදී පිටස්තර පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පාසල තුළ අත්විඳින්නට වූ සිදුවීම සම්බන්ධයෙන් ඇය මවුපියන්ට පැවැසීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිසුවිය අධිකරණ වෛද්‍යවරයකු වෙතයොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.
පාසලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී බාහිර පුද්ගලයකු විදුහලට ඇතුළු වී තිබෙන බව තහවුරුව තිබෙන අතර ඔහු විදුහලට ඇතුළු වූයේ කුමන ස්ථානයෙන් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
පාසලේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ආරක්ෂක නිලධාරීන් පසුගිය කාලයේදී ඉවත් කර නවක පිරිසක් බඳවා ගත් බවත් අනාරක්ෂිත තත්ත්වයක් පාසළේ ඇති වීමට එයද බලපා තිබෙන බවත් මවුපියෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleදයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

