මාරාන්තික උපවාසයේ නිරතව සිටින පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් අද (03) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ගොස් තිබේ.
ඒ සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තුවෙනි.
කෙසේවෙතත් එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදුන්න ද සිය උපවාසය අඛණ්ඩව අද දිනයේත් ක්‍රියාත්මක කරන බවය.
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 9ක් පුරා උපවාසයේ නිරතව සිටී.
කෙසේවෙතත් අධ්‍යාපන වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ ගුරු සේවා ව්‍යවස්ථාවට පටහැනිව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සිදුනොකළ යුතු බවය.
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද ක්‍රියාත්මක වන්නේ 9 වෙනි දිනයටය.
මේ දින කිහිපය පුරා මාරාන්තික උපවාසයට එක් වූ පුද්ගලයින් 7දෙනාගෙන් 6දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් ඔවුන් අවස්ථා කිහිපයකදී රෝහල්ගත කිරීමට පියවර ගැනුණි.

