ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්රී ලංකා යුද හමුදාව වෙත හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙන් ඉන්දීය යුද හමුදාපති උපේන්ද්ර ද්ව්වේදි විසින් ශ්රී ලංකා යුද්ධ හමුදාවට ප්රදානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමග ශ්රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී තිබේන බවට වාර්.ාවේ.
යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණි. මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමග එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හරහා වසරකට රුපියල් මිලියන 18කට අධික රජයේ මුදලක් ඉතිරි වනු ඇති බවට වාර්තාවේ.

