දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21ක අලාභයක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු පවසන්නේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 8ක් ප්‍රතිස්ථාපනය කිරීමට ද සිදුව ඇති බවය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

