ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්රධානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.
ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්රධානය සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්රකාශ කර ඇත.
පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන කණ්ඩායම් වලට සහයවීමක් වශයෙන් මෙම ආධාර ලබා දෙන බවය.

