පවතින අධික වැසි සමඟ නායයාමේ අවදානම නිසාවෙන් පස්සර ,හපුතලේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 111ක සාමාජිකයන් 301 ක් ඊයේ (26) පස්වරුවේ මීට සුලු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
පස්සර කණවැරැල්ල වත්තේ පවුල් 69ක සාමාජිකයන් 197ක් මෙසේ සිය නිවාස වලින් ඉවත් කර පස්සර කණවැරැල්ල දිවා සුරකුම් මධ්‍යස්ථානයේ සහ කණවැරැල්ල අංක 3 දෙමල විදුහලේ නවතා තබා ඇති අතර , හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පවුල් 32 සාමාජිකයන් 72ක්ද, දියතලාව ගල්කන්ද මුතුවාන කොටසෙ පදිංචි පවුල් 8ක සාමාජිකයන් 21ක් හපුතලේ කෝවිල අසල පදිංචි පවුල් 2ක සාමාජිකයන් 11ක් මෙසේ නිවාස වලින් ඉවත් කර ඇති බව පවසන බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා මොවුන් බොහොමයක් සිය නෑදෑ නිවෙස් වල තාවකාලිකව නතර වී සිටින බවත් කීය .
මොවුන්ට අවශ්‍ය පිසූ අහාර ඇතුලු සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බවද හෙතෙම සදහන් කළේය .

