මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සිව්දෙනෙකු අද (25 වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුවය.
එහිදී වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් මහතා නියෝග කළේ සැකකරුවන් එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මඩකලපුව, වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 04ක් මින් පෙර යොදවා තිබුණි.
