දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඊයේ (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි,
ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඒ මහතා දෙදරු පියකි.
ඒ මහතා දින කීපයකට ඉහතදී බස්නාහිර ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලීමේ ද නිරත විය.
දේහය අද ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට ගාල්ල ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතය.
ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.

