පොළොන්නරුව අරලගංවිල සිළුමිනසෑය ප්‍රදේශයේදී දියණියගේ නිවසට යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මව මියගොස් පියා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද ගිනිදමන මවක වන චන්ද්‍රා පොඩි මැණිකේ මහත්මිය වන අතර ඇයගේ ස්වාමියා කීර්තිවංශ ජයමාන්න මහතා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම මව සහ පියා තම දියණිය පදිංචි නිවස කරා ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන අරලගංවිල පොලිසිය පවසයි.

