තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ.
යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව වාර්තාවේ.
අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම නැවත අනුරාධපුර දෙසට ප්රධාන මාර්ගයෙන් යූ ටර්න් එකක් ගැනීම හේතුවෙන් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි.
මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

