ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය.
මුළු සභික සංඛ්‍යාව 18 ක් වන නාඋල ප්‍රාදේශිය සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය විසින් හිමිකරගන්නා ලදි.
සභිත ධුර 09ක් පාලක පක්ෂයටත් සභික ධුර 09 ක් විපක්ෂයටත් හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ අද (13) පැවැති මහ සභා රැස්වීම සදහා විපක්ෂය නියෝජනය කරමින් සභිකයන් නව දෙනෙකු සහභාගී වී සිටි අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අද පැමිණ සිටියේ සභිකයන් හත් දෙනකු පමණි.

