අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීමේ ඡන්දය අද(14) පස්වරුවේ පැවැත්වේ.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද දිනයේද පැවැත්වෙනු ඇත.
මේ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවති දින ගණන හයකි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 7 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදය (කාරක සභා අවස්ථාවේ විවාදය) හෙට (15) උදේ 9.00 ට ආරම්භ වන අතර එම විවාදය දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ( අවසන් ඡන්දය) දෙසැම්බර් 5 වැනිදා පස්වරුවේ පැවැත්වේ.
මෙය රජයේ දෙවැනි අයවැයයි. එසේම ශ්රී ලංකාවේ 80 වැනි අයවැය ලේඛනයයි.

