ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අල- ලූනු ගොවීන්ගේ ප්රශ්නය ගැන මුලින්ම කතා කළ යුතුයි. අරගලයක් කරගෙන යන එකට ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා.යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්.එතකොට මේ ප්රශ්නය ගැන ගැඹුරින් සාකච්ඡාවක් ගෙනත් උත්තරයක් හොයා දෙන්න පුළුවන්.මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අල ලූනු ගොවීනුත් ඉන්නවා.ඒ අය සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි.උද්ඝෝෂණ කළත් නැතත් මේ ප්‍රශ්නයට ජා.ජ.බ ආණ්ඩුව උත්තර සොයා දෙන බව ඔවුන් දන්නවා.
ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙනවා.ඒ නිසා ලූනු කිලෝවක් අඩුම රුපියල් 200කට මිලදී ගන්න පාරිභෝගිකයන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ලෑස්ති වන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

