සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය.
කාරක සභා නිළවරණය ප්‍රාදේශීක 25 ක පැවැති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 85 දෙනෙක්ද ජාතික ජනබල වේගය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 15 දෙනෙක් ද තේරි පත්කර ගනු ලැබ සිටිති.
සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශීක කාරක සභා 31ක් ඇති අතර එයින් පුවක්ගහහේන,රොටුඹ උතුරු,දෙන්කන්දලිය,සේරුගහහේන,කොබෝමෑල්ල සහ ගල්බොක්ක යන ප්‍රාදේශික කාරක සභා ජාතික ජනබල වේගය නියෝජනය කළ කණ්ඩායමට නිතරගයෙන්ම හිමිව තිබුණි.

