රත්තොට වෙිරගම ඉකිරියගොල්ල විහාර මාවත වතුයායේ දි මිය යන්නට ඇතැයි සැලකෙන වන අලියකුගේ සිරුරක් හමුවූ බව රත්තොට පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන අලියකු බවත් එම වන අලියා ප්‍රදේශයේ බව භෝග හා දේපලවලට හානි හානි කරමින් දින ගණනාවක් සැරිසරා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇත.
වන අලියකු මරණයට පත්ව ඇති බවට රත්තොට පොලිසියට ලද තොරතුරුකට අනුව වනජීවී කාර්යාලය වෙත දැනුම් දීමෙන් අනතුරුව වනජිවි නිලධාරින් හා ගිරිතලේ පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පැමිණ අලියාගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

