වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු (37) සහ ඔහුගේ බිරිඳ වන පෞද්ගලික විශ්ව විද්‍යාලයක මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනියක් (36) බව පොලීසිය කියයි.
එංගලන්තේ වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියක ශ්‍රී ලාංකික යුවළකගේ අසභ්‍ය වීඩියෝ පට රැසක් සංසරණය වන බවට නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාට තොරතුරක් ලැබී තිබූ අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසට නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා චන්දිමා සපුගොඩ මහත්මියට උපදෙස් ලැබී තිබුණි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී මෙම යුවළ හඳුනාගෙන ළමා හා කාන්තා කාාර්යාංශයේ නිලධාරීන් රාජගිරියේ පිහිටි ඔවුන් රැඳී සිටි නිවසේදී (08) දා අත්අඩංගුවට ගත් බව පැවසේ
ඒ අනුව ඊට අදාළ ජංගම දුරකථනය, ලැප්ටෝප් පරිගණකය ඇතුළු උපාංග රැසක් මෙම නිවෙසේ තිබී පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා එක්ව සැකසූ අසභ්‍ය වීඩියෝ දර්ශන 334 අදාල වෙබ් අඩවියට මුදාහැර තිබූ බවයි.
අත්අඩංගුවට ගත් යුවළ (09) දා අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

