ජපානයේ නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
යොහෙයි සසකාවා මහතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය.
ආබාධ සහිත පුද්ගලයින්ට, විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය දැක්වීම සඳහා නිපොන් පදනම විසින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා පැහැදිලි කළේ ය.
උතුරු පළාතේ නිපොන් පදනම විසින් ගෙන යනු ලබන “පාසල් 100 ව්‍යාපෘතිය” මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළ අතර ආබාධ සහිත සිසුන් සඳහා අධ්‍යාපනික හා සමාජීය වශයෙන් ඇතුළත් කිරීම වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කළාය.

