ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ “හඬ පට” රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා රහස් පොලිසියට (06) නියෝග කළේය.
උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ මගින් ජාතින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය පළුදු වී අසමගිය ඇතිවන ආකාරයේ වරදක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු විසින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ද සහිතව හඬ පට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
මාධ්‍ය මගින් විකාශය වූ ප්‍රකාශ වලට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සහ හඬ පට අදාළ මාධ්‍ය ආයතන වලින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කළේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාල හඬ පට මගින් අපරාධමය වරදකට අදාළව සාක්ෂි අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාව කැඳවීම ට නියෝග කළේය

