පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශ්ව වලට විකුණූ බවකියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ බණ්ඩාරගම යන ප්රදේශවල පදිංචි 38 සහ 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
හොරණ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධීව බලපත්ර නොමැතිව ශ්රී ලංකා පොලිසියට අයත් නිල ඇඳුම් කොටස් සහ නිල ඇඳුම් සන්තකයේ තබාගෙන සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් එම පොලිස් නිල ඇඳුම් වෙනත් පාර්ශව වලට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩි දුර විමර්ශන සිදු කරයි.

