බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් මහතා පත්කර තිබේ.
එම තනතුරට අදාල පත්වීම් ලිපිය පුබුදු නිරෝෂන් මහතාට ලබා දුන් බව බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්යක්ෂ ජනරාල් ධූරයේ වසරක පමණ කාලයක සිට පුබුදු නිරෝෂන් මහතා කටයුතු කළ අතර ඒ මහතාගේ නිල කාලය ඉකුත්දා නිමාවට පත් වී තිබිණ.
ඉන්පසුව නැවතත් එම ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස බලශක්ති අමාත්‍යවරයාගේ නි ර් දේශය මත පුබුදු නිරෝෂන් මහතා පත් කරන බව සඳහන් කරමින් ඊට අදාළ පත්වීම් ලිපිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ මහතාට ලබා දී තිබිණ.
එම ලිපිය ලබාදෙන අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදෙස්ගතව සිටි අතර ඒ මහතා නැවත දිවයිනට පැමිණි පසුව තමාට නොදන්වා එවැනි පත්වීම් ලිපියක් නිකුත් කිරීමේ බලයක් ලේකම්වරයාට නැතැයි පවසමින් එම ලිපිය නැවත කැඳවීමට පියවර ගෙන තිබිණ.
බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යංයේ ලේකම්වරයා අතර පවතින කිසියම් මත ගැටුමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නි ර් මාණය වූ බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මා ර් ග සඳහන් කළේය.

