රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (24) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර දුන්නද වාහන දහසකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

