කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා කිසියම් මත් ගතියකින් රාජකාරි කරද්දී දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී ඊයේ (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු අනුරාධපුර පොලිසිය වෙත බාරදීමෙන් පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
යාල්දේවී දුම්රිය සඳහා වෙනත් නියාමකවරයකු සේවයට යෙදවීමෙන් පසු එය කොළඹ බලා ධාවනයට පියවර ගත් බව දුම්රිය ආරක්ෂක අංශය සඳහන් කරයි.
ඔහු මත්පැන් පානය කර සිටියේ දැයි වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

