අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතව මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි
ඒ අනුව කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව පරිස්සම් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
ගාල්ල, මාතර, කළුතර, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්රික්කයන්ටඅධික වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

