වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාලව අවශ්‍ය සහාය නොදුන් බව කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති සමන්ත නාමල් විජේවර්ධන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම, නොසලකා හැරීම හෝ නොකර හැරීම සහ කොමිෂන් සභාවේ නීත්‍යානුකූල විධානවලට සාධාරණ හේතුවකින් තොරව පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

