කොළඹ කෙසෙල් වත්ත වේල්ල වීදිය නිවාඩු නිකේතනයකට ගොස් සේවකයන් දෙදෙනකුට කිසිදු හේතුවක් නොමැතිව පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසියකියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට අනුයුක්ත රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි. පහර කෑ සේවකයන් දෙදෙනා රෝහල් ගතව ඇත.
ඉකුත්12 වෙනිදින සවස 5.45 ට පමණ සිවිල් ඇඳුමින් සැරසී පැමිණ තිබූ සැකකාර කොස්තාපල් වරුන් දෙදෙනා එක් සේවකයෙකුගෙන් ඔහුගේ දුරකථනය ඉල්ලා දුරකථනයක් නොමැති බව පැවසීමෙන් අනතුරුව කමිසයේ කොළරයෙන් අල්ලා පහර දී බිම පෙරලාගෙන පහර දුන් බවත් අනෙක් සේවකයාටද පහරදී නිවාඩු නිකේතයෙන් පිටතට රැගෙන ගිය බවත් පහර දුන්න අය හොඳින් හඳුනන බවත් එම අය පොලිස් නිලධාරීන් බවත් එම පුද්ගලයින්ගේ නම් නොදන්නා බවත් පවසා පැමිණිල්ල කර තිබූ බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වූ මග්ගොන සිරිවැල ප්‍රදේශයේ පදිංචි සේවකයා සහ කින්නියා කිරි මණ්ඩල පාර පදිංචි සේවකයා වෛද්‍ය පෝරම ලබා ගෙන රෝහල් ගතවීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ සවිකර ඇති සී සිටීවී දර්ශන පරික්ෂා කිරීමේදී එම පහරදීම සිදුවන අවස්ථාවේදී පටිගතවී ඇතිි දර්ශන ඔස්සේ සිදු කළ වැඩිදුර විමර්ශනවලදී එම පුද්ගලයන් දෙදෙනා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලබන කොස්තාපල්වරුන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.