අපරාධ රැසකට සම්බන්ධ හිටපු හමුදා සෙබළුකු වන ” කළුතර බෝම්බුවල පුස් කොටා” නමැත්තා මෙහෙයවන යතුරුපැදි සොර කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 11 කු රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා යතුරු පැදී සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර යතුරුපැදි කාර්මිකයන් දෙදෙනෙක්, යතුරුපැදි අලෙවිකරුවන් දෙදෙනෙක් වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සොරා ගෙන තිබූ යතුරුපැදි 11 ක් කොටස් කරන ලද යතුරුපැදියක් මෙන්ම සොරකමට යොදාගත් ත්‍රීරෝද රථයක්ද ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10300 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.