පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වූ වවුනියාව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීනියක එම වැඩසටහන නිමවීමෙන් පසු සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ඇය මෙසේ සේවයට වාර්තා කර නැතත් රුපියල් දෙකෝටියකට වැඩි බැඳුම්කර වටිනාකම අැයගෙන් අය කර ගැනීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරය පියවර ගෙන නැතැයිද එම වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වා ඇති විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ හිග ශේෂය තවදුරටත් නොගෙවන්නේ නම් අැයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
රුපියල් ලක්ෂ හතළිහක පමණ මුදලක් අැය දැනට ගෙවා ඇති අතර තවත් රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගැනීමට නියමිත බවද පාලනාධිකාරිය පවසයි
මේ අනුව ගෙවිය යුතු මුදල් නියමිත පරිදි අය කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.