රුපියල් කෝටි 6 කට අධික වෙළඳ වටිනාකමක් ඇති ලෑන්ඩ් රෝවර් සහ මිට්සු බිසී වර්ගයේ ජීප් රථ තුනක් කූට ලේඛන භාවිතා කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා හිටපු නාගරික මන්ත්‍රී සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරි උදය කුමාර මහතා විසින් කරන ලද සැලසුමකට අනුව ඉකුත් දෙසැම්බර් 31ක් වෙනි දින සහ ජනවාරි එක් වෙනිදින එම ජීප් රථ අත්අඩංගුවට ගෙන පින් අත පොලිස් ස්ථානය වෙත භාරදී තිබිණි.
එම ගීත සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කූඨ ලේඛන සකස් කර මෙම වාහන භාවිතා කර ඇති බවට අනාවරණය කරගෙන ඇත.
එම එක් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිතා කරන අර්ථයක්බවට ව්‍යාජ ලෙස හඟවමින් භාවිතා කර ඇති බවත් එම රථ ශ්‍රී ලංකා රේගුව මගින් ආනය කර නොමැති රථයක් බවටත් රේගු වාර්තා අනුව තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.