සපුගස්කන්ද මාකොළ රැදවුම් නිවාසයේ විවිධ අපරාධ වලට අදාලව රඳවා සිටි ළමුන්15 කු එම නිවාසයෙන් පලා ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි.
මෙලෙස පලා ගොස් ඇත්තේ වයස අවුරුදු14/17 පසුවන ළමුන් ය.
මෙම ළමුන් ට මත්ද්‍රව්‍ය චෝදනා මනුෂ්‍ය ඝාතන වලට අනුබලදීම කොල්ලකෑම් සොරකම් හා කෝලාහල කිරීම් ආදි වැරදි සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ විවිධ අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳිවුම් නිවාසයට යොමු කළ තැනැත්තන් බව පොලිසිය සඳහන් කරයි.
එම ළමුන් බොරැල්ල, බණ්ඩාරගම, මාලිගාකන්ද, මට්ටක්කුලිය,වැල්ලම්පිටිය, අගුලාන,බෙම්මුල්ල ,කොළඹ 14,ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ළමුන් පලායාම සම්බන්ධයෙන් එම නිවාසයේ ළමා රැකවරණ නිලධාරිනිය විසින් පැමිණිල්ල සිදුකර ඇත.