රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
මේ අනුව විගණන වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම සඳහා ඒ ආයතන හාරසිය පනහෙන්ම ලිඛිත වාර්තා කැඳවීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසන්නේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩිම ආයතන විමර්ශන සඳහා තෝරාගැනීමට මේ ආකාරයට කටයුතු කරන බවයි.
දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩි ආයතන වල ප්‍රධානීන් ඉතාම ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා ඒවායේ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් එම විමර්ශනවලදී පැහැදිලි වශයෙන්ම අනාවරණය වන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බවත් නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.