අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපත්ති,නීති සහ නියාමන රාමු සමාලෝචනය කර නව යුගයේ අභියෝගයන්ට ගැලපෙන ආකාරයෙන් යාවත්කාලීන කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේදීය.
මෙම කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
මෙම කමිටු රැස්වීමේදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.