මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2017-2020 අතර කාලයේදී රුපියල් කෝටි 800කට වැඩි බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණයවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
එම අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වැයකර ඇති නමුත් සමහර ව්‍යාපෘති එම ආරමුදලේ විෂය පථයට පවා නොවැටෙන ඒවා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මේ අනුව මෙම කාල සීමාවේදී එම අරමුදල අපේක්ෂිත අරමුණු වලින් බැහැර වී ඇතැයිද දිසානායක මහතා පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එම කමිටුව මෙසේ පත් කෙරිණ.
කමිටුවේ විමර්ශන මේ වනවිට අවසන් වී ඇති අතර එහි අවසන් වාර්තාව ඉදිරි දිනවල බාරදීමට නියමිතය.
එම වාර්තාවෙන් අනාවරණය වන තොරතුරු පදනම් කරගෙන ඊට වගකිවයුතු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා කීය.