විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලි බලය සාමාන්‍ය ජනතා ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන හෙයින් ඊට අවහිර බාධා එල්ලවීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපති අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.