මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් 06දෙනෙකු තලෛයිමන්නාරම වැලිපර ආශ්රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පසුගිය 13 වනදා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත.
මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම පිරිස නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව නාවික හමුදා පවසයි.
ඔවුන් අවුරුදු 08ත් 56ත් අතර වයසේ පසුවන වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් බවට අනාවරණය වී තිබේ.
ඔවුන් නාවික හමුදා භාරයට ගන්නා අවස්ථාවේදී විජලනයට පත්ව දැඩි සෞඛ්‍ය අපහසුතාවයට ලක්ව පීඩාවට පත්ව සිට ඇති බව වාර්තා වෙයි.
එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.