ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී ප්‍රපාතයට වැටුණු බස් රථයේ නඩත්තු කිරීම් නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවැසීය.
අත්අඩංගුවට ගත් බස් රථයේ හිමිකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එම බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්. ටී.ඩබ්ලිව්. කේ. රූපසිංහ මහතා ඇතුළු නගර සභා සේවකයන් 12 දෙනකු මියගොස් තිබුණි.