නේපාලයේ හිටපු අගමැති ජාලානාත් කනාල්ගේ භාර්යාව වන රජ්‍යාලක්ෂ්මි චිත්‍රකර් විරෝධතාකරුවන් විසින් පණ පිටින් ගිනි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ(09) වාර්තා කළේය.
කත්මණ්ඩු නගරයේ දල්ලු ප්‍රදේශයේ හිටපු අගමැතිවරයාගේ නිවසේදී එම සිදුවීම සිදුව ඇතිි බවත් විරෝධතාකරුවන් හිටපු අගමැතිවරයාගේ නිවසට ගිනි තබන අවස්ථාවේදී ඇය ගින්නට හසුවී මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එසේම නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයද විරෝධතාකරුවන් ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.