අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය.
සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට වැටීමෙන් චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළේය.
අද(7)රාත්‍රී 9.57 සිට චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැක ගැනීමට ලැබෙන බව කී මහාචාර්යවරයා රාත්‍රී 11.01 සිට 12.22 දක්වා චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් පෙනෙන බව සඳහන් කළේය.
චන්ද්‍රග්‍රහණය දැකගත හැකි ඉතාම හොඳ අවස්ථාව හෙවත් ග්‍රහණ මධ්‍ය පස්වරු 11.42 ට යෙදී තිබේ.
මීට වසර තිහකට පමණ පෙර චන්ද්‍රග්‍රහණ අවස්ථාවකදී චන්ද්‍රයා කළු පැහැයෙන් දිස් වුවද මෑත කාලයේ පවතින අධික වායු දූෂණ නිසා චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන බව මහාචාර්ය ජයරත්න මහතා කීය.එම නිසා මෙම චන්ද්‍රග්‍රහණය Blood Moon හෙවත් “ලෝහිත චන්ද්‍රයා” ලෙස හඳුන්වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.