සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක් හා ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 5000 මුදලක් ගෙවීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අමාත්‍යංශයේ ඊයේ (3)පැවති මාධ්‍ය හමුවකදීය.
” ලංකා සීනි සමාගමට උක් සැපයීම නවත්වන්න උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවට ප්‍රකාශයක් අප දුටුවා.ගිනිතැබූ උක් මෙට්‍රික් ටොන් 14 000 සීනි සමාගම මිලදී ගන්න තුරු කිසිදු ගොවියෙක් ලංකා සීනි සමාගමට උක් සපයන්නේ නොමැති බව පවසා තිබුණා.
ෙලංකා සීනි සමාගම පවතින්නේ උක් සැපයීම මතයි. සීනි සහ එතනෝල් නිෂ්පාදනය සිදු කරන්නේ උක් වලින්. ගොවියා උක් සපයන්නේ නැත්නම් සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමේ හැකියාවක් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.