අංගමුව ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදි තියුණු ආයුධයකින් පහරදි පනස් හැවිරිදි දෙදරු මවක් ඊයේ (01) රාත්රියේදි ඝාතනය කොට ඇතැයි රාජාංගණය පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ රාජාංගණය,යාය 08,අංගමුව ප්රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ දුරයලාගේ ධම්මිකා රාජපක්ෂ(50)නැමති දෙදරු මවකි. දි මෙම කාන්තාව නිවස ඉදිරිපිට සිටියදි කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් ඇයගේ හිසට පහරදි ඇතැයි පොලිසිය කියයි.
එම පහර දිමෙන් බරපතල තුවාල ලැබු මෙම කාන්තාව රාජාංගණය,05 කණුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබේ.