වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කැට ගෑමේ උත්සවයකදී එවකට වසය අවුරු 30ක වූ තරුණයකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණ දඩුවම ඊයේ නියම කළේය.
මීට වසර 14කට පෙර ඉඳුල් කටගැමේ උත්සවයකදි සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන මිනී මැරීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසා මෙසේ මරණ දඬුවම් නියම වූයේ මනතුංග සිරිල්, පෝද්දල ගමගේ ශාන්ත කුමාර සහ සිංගප්පුලිගේ ජයතිලක යන තිදෙනායට
2011.12.01දින වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉදුල් කටගෑමේ උත්සවයකට සහභාගි වීමට ගිය වලස්මුල්ල ,පන්සලගොඩ ,ප්‍රදීප් නිවස ලිපිනයේ පදිංචි සුදු හකුරුගේ ඉන්දික සමන් කුමාර නමැති 30 හැවිරිදි වියේ පසු වූ තරුණයට පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනය කර ඇති බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.