ගලේවෙල – දඹුල්ල ප්රධාන මාර්ගයේ ඉබ්බන්කටුවේ දී මාළු ලොරියක් වාහන තුනක ගැටී ටිපර් ථයක පිටුපස රෝග හතර ගලවාගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇතැයි පොලිසිය කියයි.
එම අනතුරින් මාළු ලොරියේ රියැදුරට තුවාල ලබා දඹුල්ල රෝහලට මාරු කර යවා ඇත.
ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මාළු ප්රවාහනය කරන කුඩා ලොරි රථය දඹුල්ල දෙස සිට ගලේවෙල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයේ පිටුපස රෝදයේ ගැටීමත් සමග ටිපර් රථය තවත් වෑන් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව දඹුල්ල පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ මාළු ලොරි රථයේ රියදුරු ප්රදේශවාසීන්ගේ සහායෙන් පිටතට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
ටිපර් රථයේ රියදුරා සඳහන් කළේ තමන් දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් සිටියදී එකවරම ඉදිරියෙන් පැමිණි ලොරි රථය පාර මැදට පැමිණ ලොරියේ ගැටුණු බවයි.