ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා ගේ සේවා කාලය දිර්ඝ කරන ලෙස අත්සන් 10000කින් සංදේශයක් කතරගම ප්රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා වෙත පිලිගැන්විය.
කතරගම ජනතාව . කඩ සංගම්. හා රාජ්ය අයතන ස්වේච්ඡා සංවිධාන බැතිමතුන් . එක්ව අත්සන් දහදහක් (10000) ක ආසන්න අත්සන් ලේඛනයක් ජනාධිපති වෙත ලබා දිමට කතරගම ජනතාව කටයුත කර තිබේ.
රජයට සහාය ලබා දෙමින් සිදු කරන කතරගම සංවර්ධනය තව දුරටත් සිදුවිය යුතු බවත් නගරයේ මෙන්ම පුජා භුමියේද .රටේ ද විවිධ වු ප්රජා කටයුතු ගැන සිතාබලා වත්මන් බස්නායක නිළමේවරයාගේ කාලය දිර්ඝ කර දෙන ඉල්ලා සිටිනවා යැයි සෙල්ල කතරගම එක්සත් නඩ සංගමයේ සභාපති රංගේ නිහල් මහතා සදහන් කළේය.