පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණීල්ල අධිකරණයේ විභාග කරන අවස්ථාව වන විට අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කරගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට ඊයේ වැඩිදුරටත් නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙසද නියම කළේය.
එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කැඳවන අවස්ථාව වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මහා මාර්ග උවහිර වන අන්දමට විවිධ පුද්ගලයින් රැස්කරවීමට සංවිධාත්මක පිරිසක් කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.