හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් කොළඹට රැස්වූ ජනතාව මේ වන විට කොම්පඤ්ඤවීදිය කිව් පාරේ ශිව සුබ්රමනියම් කෝවිල අසල රැස්වී උද්ඝෝෂණ පවත්වමින් සිටිති.
එම කෝවිලට මීටර් සියයක් පමණ ඉදිරිපිටින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය පිහිටා ඇත.
කෝවිල ඉදිරිපිට පොලිසිය පෙළ ගැසී ජනතාව ඉදිරියට පැමිණීම වළක්වමින් සිටී.
කෝවිල ඉදිරිපිට රැස්වූ පිරිස් සටන් පාඨ කියමින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිති.