මාතර ,වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ත වී ඇතැයි පොලීසිය කියයි.
වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී වෙඩිකකරු පළා ගොස් ඇතැයි කියයි.
සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි ද ,වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇතැද පොලීසිය පවසයි.