ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය.
පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ.
“ප්රජාතන්ත්රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා.
දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.